පොදු දේපළ පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීම (අත්අඩංගුවට ගැනීම) වළක්වන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබු පෙත්සම වෙනුවෙන් අද (15) දින දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජනවාරි 25 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් කෝටි 03 ක මුදලක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කරන පරික්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට හා පොලිස්පතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.
එම අතුරු තහනම දීර්ඝ නොකරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙක් අද (15) ඉල්ලා සිටි අතර ,එය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම ජනවාරි 25 දක්වා දීර්ඝ කළේය..
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුලූ පස්දෙනෙකු නම් කර තිබූ අතර, පෙත්සම මගින් ඔහු අවධාරණය කර තිබුණේ තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ යටි අරමුණ සහිතව දේශපාලනාධිකාරිය විසින් මෙම පරීක්ෂණ පවත්වාගෙන යන බවය.
DE සිල්වා