FAST NEWS

24×7 Around the Globe

නව විදේශ ගමන් බලපත්‍රය මයික්‍රෝ චිප් තාක්‍ෂණයෙන්..

මෙරට නව විදේශ ගමන් බලපත්‍රය තවත් මාස කිහිපයකින් තෝමස් ඩිලාරූ මුද්‍රණාලයේදී මුද්‍රණය කිරීමට නියමිත බවත්,එම ගමන් බලපත්‍රයේ මයික්‍රෝ චිප් තාක්‍ෂණය ඇතුළත් කෙරෙන බව අගමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ ඇඟිලි සලකුණ, ඡායාරූපය සහ තවත් තොරතුරු ගණනාවක් ඊට ඇතුළත් කෙරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue) ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වෙමීන් මාධ්‍ය වෙත ප්‍රකශ කළේය.

එම ආයතනය මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා බවත්, අද වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය මුදල් නෝට්ටු ප්‍රමාණයෙන් 25% ක් මුද්‍රණය කරන්නේ එහි බවත් ,ඉදිරියේදී ඉතිරි 75% ද අලුතෙන් මුද්‍රණය කිරීමට නියමිත බවත් අගමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

DE සිල්වා