මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාව සඳහාත් බදුල්ල, මහියංගණය සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහා වු ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතික්ෂේප වූ නාම යෝජනා පත්‍ර වෙනුවෙන් මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (15දා) හෝ ලබන 18 දින අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
නාම යෝජනා ප්‍රධාන වශයෙන් ප්‍රතික්ෂේප වී තිබෙන්නේ නෛතික නොවන තාක්ෂණික ගැටලු නිසා බවත් හෙතෙම සඳහන් කළේය.
2001 පළාත් පාලන මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ නාම යෝජනා පළාත් පාලන ආයතන 26 ක මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප වූ බවත් අධිකරණයට ගිය පසු එම නාම යෝජනා පත්‍ර 26ම භාරගන්නා ලෙසට මැන්ඩාමුස් ආඥාවක් ලැබුණු බවත් ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
ඇතැම් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන්නේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් නොමැතිවීම වැනි නෛතික නොවන තාක්ෂණික කරුණු හේතුවෙන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
අධිකරණ ක්‍රියාදාමයෙන් අනතුරුව පොහොට්ටුව අනිවාර්යෙන්ම එම ආයතනවලට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් මීට අදාළ නීති උපදෙස් ලබාගැනීම ඊයේ (14) දින සවසම ආරම්භ කළ බවත් ඒ අනුව ඉදිරි කටයුතු සිදුකරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
DE සිල්වා








