FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට අදාළ පැමීණලි විමර්ශනයට කාර්යාල..

පාලන මැතිවරණයට අදාලව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අද (15) සිට දිස්ත්‍රික්ක මට්ටමින් පැමිණිලි සම්බන්ධීකරණ කාර්යාල ස්ථාපිත කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජාතික මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානය යටතේ එම කාර්යාල ස්ථාපිත කිරිමට නියමීත බවත්, ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අනුයුක්ත කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ය.

පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා කැඳවීම ඊයේ (14) දිනයේ අවසන් විය.

මෙ වන විට මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 07 ක් පමණ ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 06 ක් ඊයේ (14) දිනයේ ලැබුණු බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එසේම එම පැමිණිලි වාර්තා වී ඇත්තේ, රත්නපුර, කළුතර, මාතලේ, මාතර, සහ කෑගල්ල යන ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.

DE සිල්වා