මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් හෙට (15) කොළඹදී විරෝධතා ක්‍රියාමාර්ගයකට යන බව අද (14) දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා සඳහන් කළේය.
ජනතාවට හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම බව පවසා ලංකාවේ ඉඩම් මැන සිතියම් ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සඳහා ඇමරිකාවේ ආයතනයකට බාරදී රට තවත් ණය උගුලක පැටවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බවද හෙතෙම පැවසීය.
මේ ක්‍රියාවලිය නතර නොකළ හොත් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඇති අරක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් මෙමගින් පැන නගින බවත්, රටේ ඇති පැරණිතම දෙපාර්තමේන්තුවට අතතියන්නට රටේ ජනතාවට හැර විදේශිය කිසි කෙනකුට නොදෙන බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා








