FAST NEWS

24×7 Around the Globe

මැති අැමතින් 03 කට එරෙහි විස්වාසභංග 03 ක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට…

මැති ඇමතින් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනා දෙසැම්බර් (11) දා නිකුත් කෙරුණු පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට මෙසේ ඇතුළත් කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, සෞඛ්‍ය, පෝණෂ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා හිටපු මුදල් අමාත්‍ය ,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහත්වරුන්ට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනා මෙසේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

එ අනුව පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීමට අපොහොසත්වීම යන චෝදනා පදනම් කරගෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 13 දෙනකුගේ අත්සනින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය මීට ඇතුලත් කර තිබේ

එසෙ අල්ලස් හා දුෂණ සම්බන්ධ විමර්ශන මග හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 39 දෙනකුගේ අත්සනින් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විස්වාසභංගයක් ඉදිරිපත්ව තිබේ.

එසේම ජනතාව නොමග යවන අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු 44 දෙනකුගේ අත්සනින් හිටපු මුදල් අමාත්‍ය ,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට විරුද්ධව ද මෙම විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර තිබෙන බව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සඳහන් වෙයි.

පක්‍ෂ නායකයින් ගන්නා තීන්දු සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිශ්චිත තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

DE සිල්වා