FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විවාදයට වෙනත් දින දෙන්නේ නෑ – කථානායක

පසුගිය සඳුදා පෙරවරු11.30 පමණ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි නොවීම ගැන තමන් කණගාටු වන බවත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ලබාදිය නොහැකි බවත් කතානායක කරු ජයසූරිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එදින එම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණද පක්ෂ විපක්ෂ කථිකයන් නොපැමිණි නිසා විනාඩි කිහිපයකින් පමණ එහි කටයුතු අවසන් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ අතුරු කමිටු වාර්තා පිළිබඳ විවාදයට දින 02 ක් වෙන් කර දී තිබුණද ඒ පිළිබඳ මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වීම නිසා මෙසේ අමතර දින 02 ක් ලබා දීමට කටයුතු කර තිබිණි.

DE සිල්වා