FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශ 06 ක් සඳහා ජනපතිගෙන් නව ලේකම්වරු..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ 06 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත්.පී.විජේවීර මහතා පත් කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.අධිකාරි මහත්මිය පත් කර තිබේ.

නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතා පත් කර ඇති අතර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා ද පත් කර ඇත.

විශේෂ කාර්යය භාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.මායාදුන්නේ මහතා පත් කර ඇති අතර තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා පත් කර තිබේ.

DE සිල්වා