දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පසුගියාදා ඉදිරිපත් කළ දකුණු පළාත් සභාවේ 2018 වර්ෂයට අදාළ අයවැය පනත් කෙටුම්පත වැඩි ඡන්ද 41 කින් අද (13) සම්මත විය.
එ අනුව අයවැයට පක්ෂව ඡන්ද 47 ක් සහ විපක්ෂව ඡන්ද 06 ක් ප්‍රකාශ විය.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමද අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.
2018 අය වැය යෝජනාව දකුණු පළාත් සභාවට ඉදිරිපත් කළ අතර දින දෙකක විවාදයකින් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණි.
DE සිල්වා








