FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

වැටුප් සම්බන්ධ ගැටළුවක් මුලික් කර ගනිමීන් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ,දින 07 පුරා ගෙන ගිය අඛණ්ඩ  වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමීති තීරණය කර ඇති බැව් වාර්තා වේ.

ඊයේ (12) දිනයේ පත් කරනු ලැබූ අමාත්‍ය අනුකමිටුව සමඟ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමීති අද (13) උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව එම වෘත්තීය සමීති කියයි.

කෙසේ වෙතත් අද (13) පස්වරුව වන විට දුම්රිය සේවකයින් සේවයට වාර්තා කළද දුම්රිය ගමන්වාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යෑමට හෙට (14) පෙරවරු පමණ විය හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

DE සිල්වා