පළාත් පාලන මැතිවරණයට අදාළව පළමු අදියරේ නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 ට අදාළව ඇප තැන්පත් කිරීම සඳහා ලබාදුන් කාලය අද (13) මධ්‍යහන 12න් අවසන් වීමට නියමීත ව තිබේ.
එසේම එම පළාත් පාලන ආයතනවල සඳහා නාම යෝජනා කැඳවීම හෙට (14) මධ්‍යහන 12 න් අවසන් වීමට නියමීතය.
දෙවන අදියර යටතේ පළාත් පාලන ආයතන 248 ට අදාළව නාම යෝජනා භාර ගැනීම ලබන 18 වැනිදා ආරම්භ කර 21 වැනිදා මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතව තිබේ.
DE සිල්වා








