බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සිය ඉල්ලා අස්විමේ ලිපි එම සභාවෙහි සභාපති සුනිල් විජේරත්න මහතා වෙත අද (12) පෙරවරුවේ භාර දී ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රිකයෙන් බස්නාහිර පළාත් සභාවට තෙරි පත්වු රොයිස් ප්‍රනාන්දු හා ප්‍රසන්න සම්පත් මෙසේ ඉල්ලා අස්විම භාර දුන් මන්ත්‍රීවරු වන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
එසේම මොවුන් පිළිවෙලින් මීගමුව නගර සභාවට හා බියගම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයන් වෙත එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි තරග වැදිම සඳහා මෙසේ ඉල්ලා අස් වී ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
DE සිල්වා








