FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම් දීමක්..

ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණි ද සිල්වා පළාත් සභා මැතිවරණයට අදාළව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඊයේ(11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඇය අධිකරණයට දැනුම් දෙන ලද්දේ සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වහාම මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවයි.

එමෙන්ම පළාත් සභාවල කාලය අවසන් වීමක් මිස පෙත්සම්කරුවන් පවසන පරිදි පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදුවී නොමැති බව ද අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි සඳහන් කරන ලදි.