FAST NEWS

24×7 Around the Globe

සාපෙළ සිසුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍රයෙන් පෞද්ගලික බස් රථ වලින් යෑමට වරම්..

හෙට (12) ඇරැඹෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා තම දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය පෙන්වා පෞද්ගලික බස්රථවලින් නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සලසා ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එ අනුව සියලු පෞද්ගලික බස්රථ ධාවන සංගම්වලට ලිඛිතව මේ බව දන්වා ඇති බවත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දුම්රිය වර්ජනය නිසා අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බව එස කොමිසම කියයි.

මේ අතර දුම්රිය වාර ප්‍රවේශ පත් මගින් හා කලින් දුම්රිය ආසන වෙන්කරගත් මගීන්ට ලංගම බස් රථවල කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කිරීමට අවසර ලබාදී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

DE සිල්වා