FAST NEWS

24×7 Around the Globe

සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය අඛණ්ඩව..

ජනාධිපති ලේකම්වරයා ඊයේ (04 සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එ අනුව පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ ඇරඹුණූ දුම්රිය සේවක වර්ජනය අද (11) පස්වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ.

කෙසේ වෙතත් අද (11) උදෑසන පිට පළාත්වල සිට දුම්රිය වාර 11 ක් කොළඹ – කොටුව වෙත ළඟාවීමට නියමිත බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනයේ දුම්රිය ගමන් වාර 250 ක් පමණ අවලංගු කළ බව එම පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කළේය.

එසේම අද (11) දිනය තුළ සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින් සේවය හැරි ගියා සේ සලක්න්නැයි ප්‍රවාහන අමාත්‍යවරයා බළධාරීන්ට උපදෙස් දී තිබේ.

DE සිල්වා