දුම්රිය සේවක වර්ජනය අවසන් වන තෙක් පෞද්ගලික බස් රථ සඳහා ධාවන බලපත්‍ර නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනයට අවසර දෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අදාළ බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
එසේම සේවයට වාර්තා නොකරන දුම්රිිය සේවකයින් සේවය හැර ගියා සේ සලකන්නැයිද ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියැදුරු වර්ජනයක් ක්‍රියත්මක කළ අතර පසුව ඊට තවත් දුම්රිය වෘත්තීය සමීති කිහිපයක් එක් විය.
වර්ජකයින් හා බලධාරීන් අතර මෙ වන විට සාකච්ඡා වාර කිහිපයක් පවත්වා ඇති මුත් එවා විසඳුමකින් තොරව අවසන් වීය.
එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය සේවය අත්‍යාවශය සේවයක් ලෙස ගැසට් පත්‍රයකටද අත්සන් කළේය.
DE සිල්වා








