යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද (09) ප.ව. 5.00ට සිදු කිරීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදය අද (09) දිනයේ පැවැත්වෙයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් 09 දින අයවැය කතාව සභාවට ඉදිරිපත් කළ අතර ,නොවැම්බර් 10 දින සිට 17 වැනි දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.
17 වැනි දින සිට දෙසැම්බර් 09 දින දක්වා අයවැය කාරක සභා අවස්ථාව යටතේ අමාත්‍යාංශවලට අදාළව වැයශීර්ෂ විවාදය පැවැත්වෙයි.
DE සිල්ා








