හම්බන්තොට වරාය අවුරුදු අනූනවයකට චීනයට පැවරීමේ ගිවිසුමට අදාළව ඊයේ (08 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අති විශේෂ ගැසට් පත්‍ර දෙක වැඩි ඡන්ද 65 කින් සම්මත විය.
ගැසට් නිවේදන දෙකට පක්‍ෂව ඡන්ද 72 ක් ද, විරුද්ධව ඡන්ද 07 ක් ද ලැබිණි.
ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌දෙනා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්දික අනුරුද්ධ සහ විජිත බේරුගොඩ යන මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය දුන්හ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්‌ථාවේ සභා ගැබෙහි සිsටියේ නැත.
ඒකාබද්ධ විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ වාසුදේව නානායක්‌කාර යන මහත්වරුන් සභාවෙහි සිටියද ඡන්දය පාවිච්චි කළේ නැත.
DE සිල්වා








