2017 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු නිසා පාසල් වසා තැබීම පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
පළමු අදියරේ ඇගයීම් කටයුතු 2018.01.02 සිට 13 දක්වා ක්‍රියාත්මක අතර දෙවන අදියර 2018.01.23 සිට 2018.02.03 දක්වා ක්‍රියාත්මකය.
පළමු අදියරේ දී සම්පුර්ණයෙන් වසා තැබෙන පාසල් සංඛ්‍යාව 57ක් වන අතර එම පාසල් වල නව වසරේ පළමු වාරය ආරම්භ වන්නේ ජනවාරි 15 වන දාය.
පාසල පවත්වන අතරතුර කොටසක් පමණක් වසන පාසල් සංඛ්‍යාව 26ක් වන අතර එම පාසල් 2018.01.02 නියමිත පරිදි ආරම්භ වෙයි.
පළමු අදියරේ ඇගයීම් සඳහා යොදාගන්නා පාසල් ලේඛනය පහත දැක්වෙයි.












