FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගැනේ..

දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ දුම්රිය ධාවනය විධිමත්ව බාධාවකින් තොරව සිදු කිරීමට මෙන්ම සේවකයන්ගේ හා මගීන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ අරමුණින්ය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට පොලිස්පතිවරයා සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද දැනුවත් කර තිබේ.