FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සැකසීමට ලබාදුන් කාලය දීර්ඝ කෙරේ..

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට වැඩිපුර කාලයක් අවශ්‍ය වන නිසා ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස කොමිසම කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇතැයි වාර්තා වේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදී වන අතර ඉන් අනතුරුව අවස්ථා දෙකකදී මාස තුන බැගින්ද එක් අවස්ථාවකදී මාස 1 1/2ක් වශයෙන්ද කොමිසමේ කාලය දීර්ඝ කළ අතර එහි කාලය අදින් (08) අවසන්වීමටද නියමිතව තිබිණි.