FAST NEWS

24×7 Around the Globe

වත්කම් හා බැරකම් සැඟවූ සජින් වාස්ට රුපියල් දහසක දඩයක් නියම කෙරේ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් සිය වත්කම් හා බැරකම් හෙළි නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් සජින් වාස් ගුණවර්ධන හිටපු ඇමැතිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය රුපියල් දහසක දඩයක් නියම කළාය.

2011 මාර්තු සිට 2012 පෙබරවාරි දක්වා වත්කම් හෙළි කළ යුතු පුද්ගලයකු ලෙස සිටිමින් සිය වත්කම් හෙළි නොකිරීමෙන් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.