FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වෘත්තීය සමිති හා ජනාධිපති ලේකම් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි..

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් අද(08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ එම සාකච්ඡාවට වර්ජනයේ නිරත සියලු වෘත්තීය සමිති සහභාගි කරවන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.

දුම්රිය වෘත්තීය සමිති කියා සිටියේ ඊයේ(07) දිනයේදී වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් පැවති නමුත්, එය අසාර්ථක වූ බවයි.