FAST NEWS

24×7 Around the Globe

IMF තෙවෙනි ණය වාරිකය අනුමත කිරීමට තීරණය කෙරේ..

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ වන එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක වටිනාකමකින් යුතු තුන්වැනි වාරිකය අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදලේ තෙවන වාරිකය අනුමත වීමත් සමඟම සමස්තයක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 759.9 ක මුදලක් හිමිවනු ඇත.

විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණු වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය වීම වේ.