බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය ඉන්දියාව දෙසට ගමන් කළත් අද(08) රාත්‍රී8.00 දක්වා උතුරු, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලට නොයන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහෙත් උතුර හා නැගෙනහිර මුහුදු වෙරළවල්වලට ඇතුළුවිය නොහැකි ලෙසට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නා බවත්, මේ නිසා අද (08) උදේ සිට මුහුදු වෙරළ භාවිතා කළ හැකි බවද එම ස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.








