FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වැඩවර්ජනය මැද ස්ථාන 07කින් දුම්රිය ගමන්වාර 12ක් ධාවනයට තීරණයක්..

දුම්රිය වැඩවර්ජනයක් සිදුවුවත් කාර්යාල සේවක සේවිකාවන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන සිතා අද (08) උදෑසන ස්ථාන 07කින් දුම්රිය ගමන්වාර 12ක් පමණ ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අනුව, කාර්යාල වේලාවන් සැලකිල්ලට ගෙන මාතර, ගාල්ල, රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, හලාවත, අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව හා මරදාන දක්වා දුම්රිය ධාවනය කරන බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.