බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් වර්ජනයේ නිතර ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් දුම්රිය රියැදුරු සංගමයට ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට එම සංගමය තීරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍යංශ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම ඇතුලූ නිලධාරීන් සමග අද (07) දහවල් සිදුකළ සාකච්ඡා අසාර්ථක වු නිසා මෙම තීරණය ගත් බවද එම සංගමය පැවසීය.
මෙම හේතුවෙන් නිසා අද (07) දිනයේ දුම්රිය ගමන් වාර 150 ක් පමණ අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
එසේම වැටුප් ගැටළුවක් මුලික කර ගනිමීන් දුම්රිය නියාමකවරු හා ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇති බවද වාර්තා වේ.
දුම්රිය රියැදුරන්ගේ වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද විශේෂ බස් රථ යොදවා ඇති බව එහි සභාපති රමාල් සිරිවර්ධන ප්‍රකාශ කළේය.
DE සිල්වා








