FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජකයන්ව සාකච්ඡා සඳහා කැඳවයි..

දුම්රිය සහායකයින් බඳවා ගැනීමේ පටිපාටියට එරෙහිව වර්ජනයේ නිතර ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් සංගමයට අද (07) දහවල් 12 ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ බළධාරීන් සමඟ සාකච්ඡාවක් සදහා කැඳවා ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ මෙම ලොකොමොටිව් සංගමයට අයත් දුම්රිය රියැදුරන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් අද (07) දිනයේ දුම්රිය වාර විශාල ප්‍රමාණයක් අවලංගු කළ බව දුම්රිය පාළක මැදිරිය සඳහන් කළේය.

DE සිල්වා