FAST NEWS

24×7 Around the Globe

බෙංගාල බොක්කේ අඩු පීඩනය අව පීඩනයක් බවට පත්වෙයි..

දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර එය වයඹ ‍‍දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (06) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

ඒ හේතුවෙන් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදුප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බවත් එහි සඳහන්.

තවද උතුරු, උතුරු-මැද ස හනැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

එසේම බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී.50 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සදහන් වෙයි.

DE සිල්වා