FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලි ෆේරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙදී ශ්‍රී ලංකාවට ලකුණු 410ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින් ඉන්දියාව සිය දෙවැනි ඉනිම 246/5 ක් ලෙස අත්හිටුවීය.

තරගයේ සිව්වැනි දිනය අද (05) දිනයේ අවසන් භාගය හා තරගයේ පස්වැනි දිනය වන හෙට (06) දිනය, ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කය වෙත යෑම සදහා පවතී.

ඉන්දියාව පළමු ඉනිම 536/7

ශ්‍රී ලංකාව පළමු ඉනිම 373/10

ඉන්දියාව දෙවැනි ඉනිම 246/5

DE සිල්වා