හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට (05) ,එ මහතාගේ නිළ නිවසේදී පැවැත්වීමට නියමීතව තිබේ.
මෙහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා භාර දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
මෙහිදී දිස්ත්රික් මට්ටමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජන හමු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙන බවත්, මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්රීවරුන්ට සහභාගි වන ලෙස ද දැනුම් දී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
DE සිල්වා








