FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය කල් යයි ?

පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 17 වෙනිදා හෝ ඊට පෙර දිනක පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසු නමුත් එම මැතිවරණය තව දුරටත් කල් යා හැකි පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ නව සීමා නිර්ණ ගැසට් පත්‍රය මගින් ශ්‍රී පාදස්ථානය අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් ඉවත්වීම මුල් කොට අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ඊයේ (04) දිනයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කිරීමත් සමඟිනි.

DE සිල්වා