FAST NEWS

24×7 Around the Globe

ආයතන 248ක ඡන්දයට අදාළ නිවේදනය අද නිකුත් කෙරේ…

පළාත් පාලන ආයතන 248ක ඡන්දයට අදාළ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (04) දිනයේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව එම පළාත් පාලන ආයතනවලට නාමයෝජනා භාරගැනීම මේ මස 18 වනදායින් ආරම්භ කර 21 වැනි දින මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතව තිබේ.

පළාත් පාලන සීමා නිර්ණය හා සභික සංඛාවය අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පසුගියදා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් හේතුවෙන් පළාත් පාලන ආයතන 200 කට අධික සංඛ්‍යාවක ඡන්දය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් විය.

කෙසේ වෙතත් පසුගිය 30 වැනිදා මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමට අවසර ලැබුණු අතර, ඒ අනුව අද (04) දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයද ඉවත් කෙරුණි.

 

 

DE සිල්වා