FAST NEWS

24×7 Around the Globe

රුපියල් 10000ක් ගෙවන්න අගමැති උපදෙස් දීලා..

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 10000ක දීමනාවක් අද (30) සිට ගෙවීමට ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට හා ජාතික රක්ෂණ භාර අරමුදලට උපදෙස් ලබා දී ඇත.

එසේම අලාභහානී වූ දේපළ වටිනාකම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.