පාකිස්තානය පරාජය කරමින් ඊයේ (26) ලබාගත් ජයග‍්‍රහණය සම්බන්ධයෙන් හිටපු කි‍්‍රකට් නායකයෙකු වන සනත් ජයසූරිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුභාෂිංසන පළ කරනවා.
මෙම තරගයේදී කුසල් ජනිත් පෙරේරා කී‍්‍රඩා කළ ඉනිම විශිෂ්ඨ ඝනයේ වූ බවයි ටිව්ටර් සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ. පන්දු 26 කින් ලකුණු 52 ක් රැස්කර ගනිමින් මිලින්ද සිරිවර්ධන කී‍්‍රඩා කළ ඉනිම සහ පන්දු 40 කදී ලකුණු 70 ක් ලබාගනිමින් ඇන්ජලෝ මැතිව්ස් කී‍්‍රඩා කළ ඉනිමද සනත් ජයසූරියගේ ඇගයීමට ලක් වනවා.
මෙම තරගයේදි පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 368 ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 203 ක් පමණයි.







