FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේදී ඩීසල් පෙට්‍රල් මිලට වෙන දේ..

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරි දින කිහිපයේදී තෙල් මිල අඩු කිරීම සඳහා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉදිරි මැතිවරණය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

ඊයේ (31) ඛනිජතෙල් අමාත්‍යාංශයේදී තොග සමාලෝචන කමිටුව (stock review committee meeting) රැස්වී ඇති අතර, එහිදීද මේ බව සාකච්ඡා වී තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට තීරණය වී ඇති බව පැවසේ.