FAST NEWS

24×7 Around the Globe

සංවිධායක ධුරය ඉවත් කරන්නට ඇතැයි රන්ජන් සිතන හේතුව මෙන්න..

තමන් එක්සත් ජාතික පක්‍ෂ දිවුලපිටිය ආසන සංවිධායකත්වයෙන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි නොදන්නා බව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

එජාපය වෙනුවෙන් පවරා ගත් නඩු නිසා තම සංවිධායක ධුරය ඉවත් කරන්නට ඇතැයි සිතන බවද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

හැමදාම කෙලින් කතා කිරීම තම ප‍්‍රතිපත්තිය බවත් තමන් හොරු ආරක්‍ෂා නොකරන බවත් රාමනායක මහතා කියා සිටී.

තමන් එන්නට පෙර ඡන්ද විසිදහස් ගණනින් පැරදුනු දිවුලපිටිය ඉන්පසු පැරදුනේ දෙදහස් ගණනකින් යයිද වැඩි දුරටත් ඔහු පෙන්වා දෙයි.