වව්නියාව ඕමන්ත හා පුලියන්කුලම් අතර පිහිටි පණ්ඩ්රි කෙයිදපුලියන් කුලම් ප්රදේශයේ පෞද්ගලික බස් රථයක් හා බවුසරයක් අද (30) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.
වව්නියාව සිට යාපනය දෙසට ගමන් ගත් ඇගුලුම් කර්මාන්ත ශාලාවකට අයත් සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් හා යාපනය දෙස සිට වව්නියාව දෙසට ගමන්ගත් බව්සරයක් මෙම අනතුරට පත්ව ඇති අතර එහිදී බස් රථයේ ගමන්ගත් සේවිකාවන් 22 දෙනෙකු හා බස් රථයේ හා බවුසරයේ රියදුරන් තුවාල ලබා ඇති බවට වර්තා වෙයි.
අනතුර සිදු වූ අවස්ථාවේදී බස් රථය තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණී බවුසරයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසුව බස් රථයේ රියදුරු පැන ගොස් පසුව පුලියන් කුලම් පොලීසියට භාර වී ඇත.












