ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජොන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ රාජ්ය රහස් මට්ටමින් මෙතෙක් තබා ගන්නා ලද ලේඛන දහස් ගණනක් වොෂිංටන් බලධාරීන් විසින් ප්රකාශයට පත් කර ඇත.
ඉහත කී ලේඛන ප්රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව ප්රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් “දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් හැරුණ විට වෙනත් අයට අදාළ ලේඛන දහස් ගණනක් මහජනතාව අතට පත් කරන” බව කියා ඇති බව සදහන්ය.
හිටපු ජනාධිපති ජොන් එෆ් කෙනඩි ඩලස් හි (Dallas) සංචාරයක නිරත වෙමින් සිටියදී වෙඩිතබා මරා දමන ලද්දේ 1963 වසරේය.
(බී.බී.සීය ඇසුරෙනි)
C.Rodrigo









