FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතුමයි..- විමල් යලිත් කියයි..

නව ව්‍යවස්ථාව 2/3 සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා වෙන්නප්පුව දංකොටුව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් නැවත වරක් සදහන් කරයි.

‘නීති හදන බලය නැත්නම් පාර්ලිමේන්තුවට, පළාත් සභා විෂයන්ට අදාල නීතියක් පවනන්න බැරිනම් පාර්ලිමේන්තුවට මොන හත්වලාමකටද ඔ්ක තියාගෙන. සල්ලි ටික නාස්ති කරන්නද.

එක්කො ඕකට උඩින් මොකෙක් හරි බෝම්බයක් දාන්න ඕන. නැත්නම් දියවන්නාවෙ ගිලී යන්න ඕන භූමිකම්පාවක්වත් ඇවිල්ල. ඔය සිංහල තේරෙන්නෙ නෑ’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී සදහන් කලේය.