FAST NEWS

24×7 Around the Globe

විසිපන්දාහේ වැරදි මෙන්න..

මහා මාර්ගයන්හි රිය පැදවීමේදී සිදුකරන වැරදි හතක් සඳහා රුපියල් විසිපන්දාහක් අය කිරීමට අදාළ නීතිය බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සිකුරාදා වන විට නිකුත් කෙරෙනු ඇති බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පවසයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු අදාල රථ වාහන වැරදි සදහා දඩ මුදල් වැඩි කිරීම ක්‍රියාත්මක වන්නේ යයිද ඔහු සදහන් කරයි.

නව නීතිය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තෙක් සේවාවේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, දුම්රිය මාර්ගයක් තුලට අපරීක්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය, වලංගු රක්ෂණ නොමැතිව රිය පැදවීම යන වැරදිවලට රුපියල් 25,000 දඩයක් පැනවෙයි.

අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් පැදවූ වේගය අනුව අදියර හතරක් යටතේ රුපියල් 2000-3000 දක්වා දඩ මුදලක්ද වමෙන් ඉස්සර කිරීමේ වරදට රුපියල් 2000 ස්ථානය දඩයක් නියම ඛිරීමට නියමිතය.