දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 34.9 ආසන්නයේදී ගාල්ල දිසාවට ධවනය වූ ලොරි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
කොළඹ සිට මාතර කටුවනට ඌරු මස් රැගෙන යමින් තිබූ කුඩා ලොරියට මාලු රැගෙන ඒම සඳහා වැලිගම මිරිස්සට යමින් තිබූ ලොරිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
ලොරි දෙක එකිනෙක ගැටීමෙන් කුඩා ලොරිය මාර්ගයේ පෙරළී ඌරු මස් අධිවේගි මාර්ගයේ මීටර් ගණනාවක් ඈතට තැන තැන විසිරී තිබූ බව පොලීසිය කියයි.
ඡායාරූප පහතින්..













