පළාත් පාලන මැතිවරණය මෙතරම් කාලයක් ප‍්‍රමාද වූයේ බැසිල් රාජපක්‍ෂ විසින් නිර්මාණය කර තිබූ විකෘති සහගත මැතිවරණ ක‍්‍රමය හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා සදහන් කරන්නේ තම පක්‍ෂය ආණ්ඩුව සමග දීර්ඝ අරගලයක් සිදු කර සාධාරණ ඡන්ද ක‍්‍රමයක් දැන් ජනතාවට ලබා දී ඇති බවයි.
පළාත් සභා සංශෝධන පනතට තම පක්‍ෂය සහාය දුන්නේ පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් යාම වලක්වා ගැනීම සදහාද බව ඔහු කියා සිටියේ ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.









