දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසයේදී සියයට 2.3කින් පහත වැටී තිබේ.
සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් එක්ලක්ෂ 45,077ක් පැමිණ ඇති අතර, එහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ චීනයෙන් සහ ජර්මනියෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
සැප්තැම්බරයේ පැමිණි ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 26.6ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 14.3 දක්වා පහත වැටීම කැපී පෙනෙයි.







