FAST NEWS

24×7 Around the Globe

රතු කුරුස සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සිදුකරන සහන සේවා අත්හිටුවීමට තීරණයක්.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සිදුකරන සහන සේවා ක්‍රමානුකූලව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විදෙස්වාර්තා පවසයි.

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසන්නේ තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකු මෙම වසර තුළ ඝාතනයට ලක්වීමත් සමඟ එම තීරණයට එළඹි බවයි.

ඒ අනුව දැනට ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක රතුකුරුස සංවිධාන කාර්යාල තුනෙන් දෙකක් වසා දැමීමට නියමිත බව සදහන්ය.

අනෙක් කාර්යාලය ඉන් අනතුරුව වසා දැමීම කෙරෙහි රතුකුරුස සංවිධානයේ අවධානය යොමුව තිබෙන බවත් වාර්තා වෙයි.

C.රොද්‍රීගු