FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ මිදි රට ලෙස හැදින්වෙන කලාපය ලැව්ගින්නකින් විනාශයට..

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන කලාපය මහා ලැව්ගින්නකින් විනාශයට පත්වී තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

සීග්‍රයෙන් පැතිර ගිය ගින්න හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, ගොඩනැගිලි 1500ක් පමණ විනාශයට පත්වූ බවත් සඳහන්ය.

ලැව් ගින්නෙන් වැඩිම හානියක් සිදුවූ නාපා, සොනොමා සහ යුබා යන ප්‍රදේශවලින් 20,000කට අධික පිරිසක් ඉවත් කර ගැනුණ බව වාර්තා වෙයි.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඇමරිකානු වාර්තා සඳහන් කළේ එය කැලිෆෝනියාවේ නිවාස හා දේපළවලට තවදුරටත් තර්ජනයක් බවයි .

C.රොද්‍රීගු