දසුන් නිශාන් නිට්ටඹුවේ. සංගීත් ප්‍රභූ අනුරාධපුරේ. සාලින්ද රත්නායක මොනරාගල. මේ තිදෙනාම කොළඹ පැමිණ ඇත්තේ කලා ලෝකයේ ඉදිරියට යන හීන ගොන්නක් හිතේ දරාගෙනය.
සංගීත් මේ දිනවල සල්සපු නා ටෙලි නාට්‍යයේ නිල්හාන්ගේ චරිතය තුළින්ද ප්‍රේක්ෂකයන් හමුවට එන අතර සල් සපු නා ටෙලි නාට්‍යයේ මනුලගේ චරිතය රඟපාන සාලින්ද ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් විදියටත් කටයුතු කරනු ලබයි.
දසුන් අනිත් දෙදෙනාම අභිබවා ඉදිරියට ගොස් නිරූපණ ශිල්පියෙක් සේම ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවෙක් විදියට අසීමිත ජනප්‍රියත්වයක් දිනාගනු ලැබුවේ කෙටි කාලයක් ඇතුලතයි.
මේ මිතුරන් තිදෙනා ජීවත් වූයේ කොට්ටාවේ කුලී නිවසකය.
– සංගීත් ප්‍රභූ
‘දසුන් අයියාව අඳුන ගන්න ලැබුණේ සාලින්ද අයියා හරහා. පස්සේ අපි තුන්දෙනා එක ගෙදරක පදිංචියට ආවා. හරිම පිළිවෙළකට පිරිසිදුව ඉන්න කැමති කෙනෙක් තමයි දසුන් අයියා. මම පිළිවෙළක් නැතුව ගත්තු දේවල් තැන තැන දාලා ඉන්න නිසා දසුන් අයියගෙන් බැණුම් අහලත් තියෙනවා. හැබැයි ඒ විදියට බණින්නේ හිතේ කහටක් තියාගෙන නොවෙයි. එයා හරිම මිත්‍රශීලි කෙනෙක්. දසුන් අයියට හරි පුළුල් දැකීමක් තිබුණේ. අපිට ප්‍රශ්නයක් වුණත් කතා කරන්නේ එයත් එක්කයි. අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන දසුන් අයියා මෙහෙම දෙයක් කරගැනීම හිතාගන්නවත් බැහැ.
දසුන් අයියා බැඳලා බව නම් මම දැනගෙන හිටියා. හැබැයි ඔය නිළියත් එක්ක තියෙන සම්බන්ධය ගැන වැඩි විස්තර මම දැනගෙන හිටියේ නැහැ. දසුන් අයියයි, සාලින්ද අයියයි යාළුවෝ විදියට ප්‍රශ්න කතාකළාට ඒ දෙන්නා මට සැලකුවේ මල්ලි කෙනෙකුට වගේ. මට එයාලගේ ප්‍රශ්න කිව්වේ නැහැ.
මිය යන්න කලින් දවසේ අපි රෑ කෑම කෑවේ එකට. පහුවදා පාන්දර සාලින්ද අයියා ගියා. මමත් 8ට විතර ෂූටිං ගියා. මම යද්දී දසුන් අයියා නැගිටලා හිටියේ. මම අල්මාරියක් ගෙන්නන්න ඕඩරයක් දීලා තිබුණා. එදා දවල් ඒක ගෙනෙනවා කියලා ඒ අය කිව්වා. ඒක ගෙනාවොත් භාර ගන්න කියලා දසුන් අයියට මම කිව්වා. ඊට පස්සේ මම ගියා. දවල් කෝල් කරලා අල්මාරිය ගෙනාවද ඇහුවාම තවම නෑ ගෙනාවොත් භාර ගන්නම් කියලා දසුන් අයියා කිව්වා. ඊට පැය භාගෙට විතර ආයෙම මම දසුන් අයියට කෝල් කළේ අල්මාරිය ගෙනාවද අහන්න. දිගින් දිගටම කෝල් කළත් දසුන් අයියා ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඒ වෙනකොටත් එයා අපිව දාලා ගිහින්.
අවසන් පැය කිහිපය තුළ සිදුවූ දෙයක් හෝ දුරකථන ඇමතුමක් නිසා දසුන් මේ තීරණය ගත්තාද කියලා මට සැකයි.’
– සාලින්ද රත්නායක
‘දසුන් රඟපෑ පළමු ටෙලි නාට්‍යය අපේක්ෂා ටෙලිනාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා වුණේ මමයි. එදා ඇති වූ මිතුදම මියෙනතුරුම තිබුණා. දසුන් හරිම මිත්‍රශීලියි. අවුරුදු එකහමාරකට විතර කලින් අපි ඔය නිවසට ගියා. සංගීත්වත් එකතු කර ගත්තා. එදා දසුන් මිය ගිය දිනට කලින් දවසේ රෑ මම යද්දී 11ට විතර ඇති. සංගීත් දසුන් දෙදෙනාම කෑම කාලා නිදි. මම කෑම එකත් අරගෙන ගිය නිසා දෙන්නාම නැගිට්ටෙව්වා. ඊට පස්සේ තුන්දෙනාම ඒ බත් එක කාලා නිදා ගත්තා. පසුවදා පාන්දර 5.30ට මම යද්දී දසුන් නිදි. සංගීතුත් 8.30ට විතර ගිහින්. දවල් සංගීත් තමයි මට කෝල් කරලා කිව්වේ යාළුවෙක් මේ අවාසනාවන්ත ආරංචිය කිව්වා කියලා. මම ඒ වෙලාවෙම ෂූටිං නවත්තලා බෝඩිමට ගියා. ඒ යද්දී දසුන් එල්ලිලා ඉන්නවා දැක්කා. ඒ වෙද්දිත් පණ තියෙනවද බලන්න මම ගිහින් මිනිය බදාගෙන කෑ ගැහුවා. ඒත් ඒ වෙද්දී දසුන් අපිව දාලා ගිහින්. මම ඊට පස්සේ කට්ටියට කෝල් කරලා ආරංචිය කිව්වා.
දසුන් ඔය කියන නිළිය එක්ක සම්බන්ධයක් තිබෙන බව මට කිව්වා. ඒ වෙද්දිත් ඔහු විවාහකයෙක්. ඒ ගැන මම ඇහුවම දසුන් කිව්වේ තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි. හැම ප්‍රශ්නයක්ම අවසන් කරලා නිළියවම විවාහ කරගන්නවා කියන දැඩි තීරණය තුළ තමයි දසුන් හිටියේ. අපි යාළුවෝ වුණත් පුද්ගලිකත්වයට බලපෑම් කරගන්නේ නැහැ. මෙච්චර ළඟින් ආශ්‍රය කළත් දසුන්ගේ අම්මවයි, බිරිඳවයි මම දැක්කෙත් ඔහුගේ මරණයෙන් පස්සේ. ප්‍රශ්නය හින්දා ගැටලු සහගත බවක හිටියත් ජීවිතය නැතිකර ගන්න තරම් මට්ටමකට වැටිලා හිටිය බවක් මට දසුන් තුළ පෙනුණේ නැහැ. එක දිගට දවස් 10ක් විතර මම පාන්දර 5.30ට ගිහින් රෑ 10.00ට ආවේ. ඒ දවස් 10 තුළදී අපි දෙන්නට කතා කරන්න ලැබුණේම නැහැ. ඒ දවස් 10 තුළ ප්‍රශ්නය උග්‍ර වුණාද නැතිනම් මියගිය දවසේ මමයි සංගීතුයි ගියාට පස්සේ තනියම ගෙදර ඉන්න අතරේ සිදුවූ දෙයක්.. එහෙමත් නැතිනම් ලැබුණු දුරකථන ඇමැතුමක් දසුන්ට ජීවිතේ එපා කළාද කියලා මම දන්නේ නැහැ.
දසුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බව හා මරණය සැලසුම් කළ බව මාධ්‍යවල පළවී තිබෙනවා. ඒ කතා සහමුලින්ම බොරු. දසුන් ඇත්තටම ගෙලවැලලා ගත්තද කියන සැකයටයි මමත් ඔහුගේ දිවිතොර කර ගැනීම පටිගත කළ වීඩියෝව බැලුවේ. නැතුව එය බලන්න තරම් මානසික මට්ටමක් ඒ වෙලාවේ මට තිබුණේ නැහැ.’
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.