FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රහණය සඳහා පාකිස්තානය 119 ක් පසු පසින්..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඩුබාහිදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණූ 317 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාය හා පාකිස්තාන කණ්ඩායම සිව්වැනි දිනය (09) දිනය නිමා වන විට කඩුළු 05 ක් පමණක් දැවී ලකුණු 198 ක් ලබා සිටියි.

එ අනුව තරගයේ පස්වැනි දිනය වන අද (10) දිනයේ පාකිස්තාන කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 119 ක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

ඊයේ (09) දිනය නිමා වන විට ලකුණු 147 ක සම්බන්ධතාවයක් සමග නායක සෆ්රාස් අහමඩ් ලකුණූ 57 ක් සහ අශාඩ් සෆීක් ලකුණූ 87 ක් ලබා නොදැවි කඩුල්ලේ රැඳි සිටියහ.

 

(DE සිල්වා)