FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථයේ අංක තහඩුව වෙනස් විදිහකට..

අධි තාක්ෂණයෙන් යුත් අංක තහඩුවක් ලබන වසරේ මැද භාගය වනවිට හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

නව අංක තහඩුවේ අධිතාක්ෂණ සළකුණක් සවි කරන බවත් එය ඉදිරියේදී ස්ථාපිත කෙරෙන ග්‍රාහක කුළුණු මගින් හඳුනාගැනීමට හැකියාව ලැබෙන බවත් වාර්තා වෙයි.

මේ සඳහා රේඩියෝ තරංග තාක්ෂණය යොදාගැනීමට නියමිත බවත් මෙම අධිතාක්ෂණ අංක තහඩුව මගින් මෝටර් රථයේ ලියාපදිංචි විස්තර ලබාගැනීමට හැකි වන බවත් සදහන් වෙයි.