දරුණු ලෙස රෝගීව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව අද (09) ඇස්පරීක්ෂාවක් සඳහා කොළඹ අක්ෂි රෝහලට ගෙනවිත් ඇතැයි වාර්තා වේ.
දුමින්ද සිල්වා මහතාගේ සොයුරියවන දිලිණි ඈන් ද සිල්වා ද සිය සොයුරා අක්ෂි පරික්ෂාවකට රැගෙන ගොස් ඇති බව වාර්තා විය.
කෙසේවුවද, පසුගිය දිනවල මාධ්‍යවල පලව තිබූ සිය සොයුරා වෙනත් රෝහලකට මාරු කිරීමට උත්සාහ කරණ බවට වූ වාර්තා අසත්‍යබවත්, තම සොයුරා වෙනත් රෝහලකට මාරු කිරීමට අදහසක් හෝ උත්සාහයක් නොතිබුණ බව සිදු කළ විමසීමේදී ඇය කියා සිටියාය.
දැනට ද ඔහු ඉතා අවම පහසුකම් යටතේ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දිලිණි ඈන් ද සිල්වා කීවාය.









